මහින්ද චින්තනයට අනුව යන ගමන....................
ගරු ස්වාමීන් වහන්ස,
දයාබර මවිවරුනි, පියවරුනි,සහෝදර ,සහෝදරියනි,
1988-1989 එ.ජා.ප භීෂණ සමය තුල අත් අඩංගුවට හා මරණයට පත් දහස් ගණන් තරුණ තරුණියන් අතර හමුදා අත් අඩංගුවට පත් තරුණයකු ලෙස බූස්ස සිර කදවුර තුළ වසරක කාලයක් නොයෙකුත් වද වේදනා විද නිදහස ලබා පැමිණි ශ්‍රී. ල . නි. ප . තුළින්ම කළ දේශපාලන සටන බොහෝ දෙනෙකුට තවමත් අමතක නැත.
එයින් ඇති වූ පන්නරය නිසාම 1997 දී පැවති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව , නිවිතිගල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තළ මණ්ත්‍රීවරයෙතු ලෙස පත්වීමට හැකි විය.
දෙවන වරටද මනාප ජන්ද 29,000 ක් ලබා ගනිමින් පළාත් සභා මණත්‍රීවරයතු ලෙස පත්වන්නට හැකි වූ අතර එම කාලය තුළ නියෝජ්‍ය සභාපති දූරය දරමින් පළාත් සභාවේ කැපී පෙනන චරිතයක් ලෙස මතු වීමට මට හැකි විය. ඉන් පසු එළබි පළාත් සභා මැතිවරණයේදී මනාප ජන්ද 49,997 ක් ලබා ගනිමින් 3 වන වරටත් සබරගමු පළාත් සභාවේ මණ්ත්‍රීවරයෙකු ලෙස පත්වූ අතර අතිගරු ජනාධිපතිතුමා විසින් එහි මාර්ග සංවර්ධන , ග්‍රාමීය යටිතල පහසුකමි හා සංචාරක අමාත්‍යවරයා ලෙස මා පත් කරන ලදී.
මගේ දේශපාලන ජීවිතයේ අභියෝගාත්මක යුගය උදාවූයේ එතැන් සිට යැයි කීම අතිශෝක්තියක් නොවේ. මෙම අමාත්‍ය දූරය ලබා ගන්නා විට , 2008 වර්ෂයේ වැඩ ආරමිභකොට 2009 වර්ෂයට මුදල් ප්‍රතිපාදන අවිච්ඡේදව තිබූ මාර්ග ප්‍රමාණය විශාලය.ඒ අනුව එම වසරේම මුල් වකවානුව තුළ ඉකුත් වසරේ මුදල් ගෙවීම හැර නව ව්‍යාපෘති ආරමිභ කිරීම අසීරු කරුණක් විය. එහෙත් අත්‍යාවශ්‍යම මාර්ග කීපයක් එම වර්ෂය ගුළ සංවර්ධනය කිරීමට හැකි වීම මා ගද ජයග්‍රහණයකි.
අප පළාත් සභාවේ 2010 අයවැය යටතේ වෙන්වූ මිලියන 300 හා විදේශීය ආධාර මිලියන 150 ට අමතරව අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීමෙන් , මහ භාණ්ඩාගාරයෙන් මිලියන 1000 ක ප්‍රතිපදාන වෙන් වීම නිසාවෙන් අබලන් වූ මාර්ග රාශියක් සංවර්ධනය කිරීම සදහා වැඩ ආරමිභ කිරීමට අපට හැකි විය. ඒ අනුව මේ වන විට සිදුවෙමින් පවතින මාර්ග සංවර්ධනය කාගෙත් පැසසුමට ලක්ව තිබේ. එය මට මහත් සතුටකි.
අප අමාත්‍යංශය යටතේ බස් තමන් ගන්නා පළාත් මාර්ග හා ප්‍රාදේශීය දිගු මාර්ග වලට අමතරව , කෙටි මාර්ග සදහාද 2009 වර්ෂයේ ලක්ෂ 550 ක් වැය කිරීමට හැකි වූ අතර එම වර්ෂයේ දෙසැ . 31 වන විට එම මාර්ගයන්හි වැඩ අවසන් කොට ජනතා අයිතියට පැවරීමට හැකි විය. මෙම වර්ෂයේදී ලක්ෂ 500 ක් එවැනි මාර්ග සදහා වෙන් කෙරෙන අතර , ඉන් ලක්ෂ 300 ක් වෙන් කෙරෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයටය. එම මාර්ග ආරමිභ කිරීමේ නිල නිවේදන අදාල පළාත් පාලන ආයතන වෙත හා ප්‍රාදේශීය ලේකමි කාර්යාල වෙත දැන් නිතුත් කෙරෙමින් තිබේ. එමෙන්ම යටිතල පහසුකමි විෂය යටතේ2009 වර්ෂයේ සැලකිය යුතු වැඩ රාශියක් ඉටු කිරීමට මට හැකි වූ අතර , 2010 වර්ෂයේ ප්‍රතිපදාන යටතේ මේ වන විට ලක්ෂ 180 ක දැවැන්ත යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත.එම වැඩසටහන යටතේ විහාරස්ථානයන්හි බහුකාර ගොඩනැගිලි , ප්‍රජාශාලා , ක්‍රීඩා පිටි හා පානීය ජල යෝජනා ක්‍රම ආදිය ඉදිවු අතර , 2010 ප්‍රතිපදාන යටතේ මුදල් වෙන්කොට මේ වන විට ආරමිභ වෙමින් පවතින ව්‍යාපෘති සංඛ්‍යාව අති විශාලය.
සබරගමු පළාතේ සංචාරක කටයුතු සදහාද වෙන්කරනු ලැබු මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීම මගේ අරමුණ විය. ඒ අනුව රත්නපුර මහ නගරසභාවේ විනෝද උයන සදහා ගක්ෂ 50 ක් වෙන් කෙරෙනු අතර, මේ වන විට ඉන් ගක්ෂ 30 ක වැඩ කෙරෙමින් පවතී. කලවාන කිරාවැව සංචාරක ගිමන්හල සෑදීම සදහා ලක්ෂ 30 ක් වෙන් කළ අතර මේ වන විට එහි වැඩ කටයුතු සිදුවෙමින් පවතී. සබරගමු පළාතේ සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා සංචාරක සැලැස්මක් සකස් කිරීමද මගේ මූලිකත්වයෙන් සිදුවිය.
එයාකාරයෙන් මා හට පැවරරුණු අමාත්‍යංශයේ වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමට මට හැකි වූ අතර , මගේ දේශපාලන ජීවිතය තුළ මා වෙත පැමිණි ජනයාගෙ පුද්ගලික හා සමාජයේ පොදු කටයුතු රාශියක් සිදු කිරීමට හැකි වූ බව ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුටිනි.
අමාත්‍යදූරයට අමතරව මණ්ත්‍රීවරයෙකු වශයෙන් ලැබුණු මන්ත්‍රී ප්‍රතිපදාන යටතේ පසුගිය කාලය පුරා දහමි පාසල් සදහා උපකරණ , පෙර පාසල් උපකරණ , ස්වේච්ඡා සංවිධාන සදහා පුටු සහ ආවරණ මඩු , සෙවිලි ආධාර ලබා දීම මෙන්ම පාසල් සදහා ගොඩනැගිලි හා උපකරණ ලබාදීමත් ,ග්‍රාමීය විදුලිය ලබා දීමත් විශාල ලෙස සිදුකළ බව දිසුත්‍රික්කයේ බොභෝ දෙනා දනිති.
එමෙන්ම කලවාන ආසනයේ, ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් වර්ෂ 03 ක කාලයක් දේශපාලනික වශයෙන් මෙන්ම සමාජීය හා සංවර්ධන කටයුතු විශාල වශයෙන් ඉටු කිරීමට මට හැකි විය. විශේෂයෙන්ම ආසනයේ ශ්‍රී. ල . නි .ප . ශාඛා බලගන්වමින් කළ වැඩ සටහන පක්ෂ නායකත්වයේ ඇගයීමට පවා ලක්වූ අතර 2008-2009 වර්ෂයේ සාමාජිකයන් බදවා ගැනීම පිළිබද හොදම ආසන 10 ට තේරුණු අතර ,ඒ සදහා සහතික පතක්ද පිරිනැමුනි.
මහින්ද චිනතනය යටතේ මග නැගුම මගින් ආසනයට ලැබණු කෝටි ගණනක මුදලු ප්‍රතිපදාන නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් අදාළ ව්‍යාපෘති සාර්ථක කරගැනීමටමගෙන් ලැබූ නායකත්වය කාගේත් ප්‍රශංසාවට ලක්විය. ඊට අමතරව ඉහතකී පරිදි මගේ අමාත්‍යංශය මගින් වෙන්කළ ප්‍රතිපදාන සමබරතාවය රකිමින් කලවාන ආසනයට ලබාදීමට මම ක්‍රියා කළෙමි.
ඉහත කරුණු වලට අනුව මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රගතිශීලි ජනතාවගේ විශේ අවධානය මා වෙත යොමු වී ඇති අතර , ඉන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජන්දය ප්‍රකාශ කරන බහුතර ජන්ද දායකයින් පිරිසක් තම මනාපය මා වෙත පලකරන බව මා හට සක්සුදක් සේ පැහැදිලිය. ඒ අතර ඔබද සිටිනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.

ජානක වක්කුඹුර
පාර්ලිමේන්තු මනත්‍රී අපේක්ෂක
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හරහා පියවරෙන් පියවර දේශපාලනයේ ඉහළට ගමන් කළ මේ තරුණ දේශපාලනඥයා අද මේ වනවිට සිය උත්සාහය තුළින් ‘දියවන්නාවද’ තරණය කර ඇත. දේශපාලනය තුළ ඔහුගේ ශක්තිමත් ‘කණු’ ලෙස ඔහු සලකනුයේ ‘අවංකකම’ - ‘ප්‍රතිපත්තිගරුක බව‘ සහ ‘ජනතාවට දක්වන ආදරය කරුණාවයි. විශේෂයෙන්ම රත්නපුර පළාතේ මහා සංඝරත්නයේ නොමඳ ගෞරව ආදරයට ලක්ව තිබෙන මේ තරුණ දේශපාලනඥයා ජානක වක්කුඹුර ‘දිනමිණ’, ‘දියවන්නාවේ නෑදෑයෝ’ විශේෂාංගය ඔස්සේ සහෘද පාඨක ඔබව අද හමුවන්නේ මේ අයුරිනි.
* ඔබේ සම්පූර්ණ නම සඳහන් කළොත්...?
“මගේ සම්පූර්ණ නම ජානක වක්කුඹුර තමයි. වෙන නම් වාසගම් මට නෑ...”
* එතකොට ඔබේ උපන් දිනය සහ උපන් ගම කොහොමද....?
“මගේ උපන් ගම රත්නපුරය ඇලපාත කොටාමුල්ල....
* ඔය ඇලපාත නේද ගජමන් පුවතට අදාළ ඇලපාත මුදලිගේ ගම....?
“ඔව්.... ඔව්.... ඇලපාත මුදලි පදිංචි වෙලා හිටියේ, එතුමාගේ උපන් ගම ඇලපාත....
* උපන් දිනය....?
“මගේ උපන් දිනය 1967.12.15 වැනිදා.
* මවුපියන්ගේ වතගොත තොරතුරු එහෙම කොහොමද...?
“මගේ තාත්තා මේ වනවිට ජීවතුන් අතර නෑ. නැතිවෙලා හරියටම අවුරුද්දක් වෙනවා. මේ මාසේ 26 වැනිදාට. මගේ තාත්තාට මම කියන්නේ ‘අප්පුච්චා’ කියලා. අප්පුච්චාගේ නම වක්කුඹුරගේ සෙනෙවිරත්න. අම්මාගේ නම චිත්‍රානන්ද කුමාරිහාමි. මගේ අප්පුච්චා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. මගේ අම්මත් වලව්වක කෙනෙක්. අම්මා අත්නපුර සුබසිංහ වලව්වේ. ඒක තියෙන්නේ රත්නපුර වෙරලුපේ. අම්මා රැකියාවක් කරන්න ගියේ නෑ. දරුවන් බලාගෙන, තාත්තාගේ වැඩ කටයුතු බලාගෙන හිටියා...”
* ඔබේ පවුලේ සහෝදර සහෝදරියෝ එහෙම කොහොමද....?
“මට ඉන්නේ අයියයි, මල්ලියි, නංගිලා පස් දෙනයි. අපේ පවුලෙන්ම මම විතරයි දේශපාලනය කරන්නේ. මම පවුලේ දෙවැනියා...”
* අකුරු කරවූයේ...?
“පළමු ශ්‍රේණියේ පටන් මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලෙන්. 1989 භීෂණයත් සමඟ ඇති වූ ප්‍රශ්නයක් නිසා මට දිගටම අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බැරි වුණා.ඒ සමඟම මට ලොකු ඕන කමක් තිබුණා දේශපාලනය කරන්න. මට මතක හැටියට 1977 මහ මැතිවරණයේදී මම අප්පුච්චාගේ අතේ එල්ලීගෙන දේශපාලන රැස්වීම් බලන්න යනවා. මට කුඩා කාලයේ සිටම ලොකු ඕනෑ කමක් තිබුණා දේශපාලනඥයෙක් වෙන්න.
ඒ දේශපාලන උණ නිසා මම වැඩි වැඩියෙන් ඒ පැත්තට ඉතා ඉක්මනින් යොමු වුණා. මගේ තාත්තාගේ මුළු පරම්පරාවම එක්සත් ජාතික පාක්ෂිකයන්. එජාප රැස්වීමක් තිබුණා ඒ කාලයේ රත්නපුර පුලුඟුපිටියේ. මම තාත්තාගේ අතේ එල්ලී ඒක බලන්න ගියා. ඒ වෙලාවේ කවුරු හරි රැස්වීමට ගල් ගැහුවා. මාව ස්ටේජ් එක යටට කරගෙන තමයි අප්පුච්චා ගල් පාරවල් වලින් මා බේරාගෙන යළි නිවසට එක්ක ආවේ...”
* ඔබේ තරුණ කාලයේදී ඔබට හිතුනේ නැද්ද ජේ.වී.පී,, එකට බැඳිලා වැඩ කරන්න ඕනැයි කියා...?
“මම දේශපාලනයට ආවේ 1989 භීෂණ කාලයේදී වුවත් මම එදත්, අදත්, කවදාවත් ජේ.වී.පී. එකට සම්බන්ධ වෙලාවත්, උදව් කරලාවත් නෑ. ඔය භීෂණ කාලයේදී මට පක්ෂයක් තිබුණේ නෑ. මම ස්වාධීන පුද්ගලයෙක් හැටියටයි වැඩ කෙළේ. ඔය ත්‍රිමාවිතාන, බන්ධුවර්ධනව එජාපය විසින් මරා දැමූ වෙලේ අපි ශ්‍රීලනිපය තුළ ඉඳගෙන එජාපයේ ඒ ක්‍රියාවන්ට විරුද්ධව කටයුතු කළා. ඒත් අපි ජේ.වී.පී. වූණේ නෑ.
* ඔබේ අප්පුච්චාගේ පක්ෂය එජාපය. ඒ අප්පුච්චාගේ පුතා කොහොමද නිල් පාට වෙලා ශ්‍රීලනිපය පැත්තට නැඹුරු වුණේ...?
“1987 වර්ෂයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරු උත්සවයක් තිබුණා අපේ පන්සලේ. ඒ උත්සවයට එන්න කියලා අපේ ගමේ ශ්‍රීලනිපයට හිතවත් වැඩිහිටියන් මට ආරාධනා කළා. මම ඒ සඳහා දහම් පාසලේ ළමුන්ට තෑගිත් අරගෙන සහභාගි වුණා. එතැනදී පැවැත්වූ කතා සහ දේශනාවලදී බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්ති ගැන කියැවුණා. මට එතැනදී හිතුණා මම ශ්‍රීලනිපයට එක්විය යුතුයි කියා. ඉන්පසු කොටාමුල්ල ශාඛාවේ ශ්‍රීලනිප රැස්වීමට ගමේ වැඩිහිටියෝ එක් කරගෙන ගිහිල්ලා ඒ ශාඛාවේ සභාපති කළා. මම අද මන්ත්‍රී වුණත් තවමත් කොටාමුල්ල ශ්‍රීලනිප ශාඛාවේ සභාපති...”
* ඔබ කලක් බූස්ස සිර කඳවුරේ සිර ගතකර තිබුණා නේද... ඒ ඇයි...?
එජාප ආණ්ඩුව මාව අවුරුද්දක් බූස්ස සිර කඳවුරේ සිරකර තිබුණා. වරද ශ්‍රීලනිපයට ක්‍රියාකාරීව වැඩ කිරීම. ජේ.වී.පී. පිටින් දාලා ශ්‍රීලනිප ක්‍රියාකාරීන් එදා එජාප ආණ්ඩුව සිරගත කළේ එහෙමයි. බූස්ස සිර කඳවුරෙන් මම නිදහස් වනවිට මගෙන් ඇහුවා ගිහින් කරන්නේ මොනවද කියා. ගිහින් කරන්නෙත් ශ්‍රීලනිපයේ දේශපාලනය කියා මා එදා කිව්වා. ඒ ඇවිත් මම රත්නපුරයේ ශ්‍රීලනිපයට වැඩ කළා.
ඒ සඳහා මට බොහෝ උපකාර කෙළේ ඇමැති ජෝන් සෙනෙවිරත්න අපේ දිස්ත්‍රික්කයේ නායකතුමා. එතුමා මට කිව්වා ජානක ඇවිත් ඡන්දය ඉල්ලන්න කියා. ඒ අනුව මම 1997 වර්ෂයේදී මුල්වරට නිවිතිගල ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලුවා. මමත්. ප්‍රේමලාල් ගුණසේකර මහතාත් මුල්වරට ඡන්දය ඉල්ලුවා. ඡන්දෙන් එතුමා සභාපති වුණා. මම උප සභාපති වුණා. අනතුරුව 2000 වර්ෂයේදී පළාත් සභා මැතිවරණයට ඉල්ලා පළාත් සභාවට ගියා.
යළිත් 2005 පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභාවට තේරී පත්වී එහි උප සභාපති බවට පත්වුණා. 2007 පෙබරවාරි මාසයේදී අතිගරු ජනාධිපතිතුමා මට කලවාන ආසනයේ ශ්‍රීලනිප සංවිධායකකම දුන්නා. 2008 මැතිවරණයෙන් පසු සංචාරක, මහා මාර්ග සහ යටිතල පහසුකම් පළාත් සභා ඇමැතිකමක් ලබා දුන්නා. 2010 මහ මැතිවරණයෙන් ඡන්ද 71000ක් අරගෙන මම මුල්වරට පාර්ලිමේන්තුවට තේරීපත් වුණා....”
* ඔබට හිතෙන්නේ නැද්ද ඒ පළාත් සභා ඇමැතිකම තියාගෙන හිටියා නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමට වඩා හොඳයි කියා...?
“මම පළාත් සභා ඇමැතිවරයෙක් ලෙස සිටි අවුරුදු 2ක කාලය තුළ මම ලොකු වැඩක් පළාතට , ජනතාවට කළා. පළාත් සභාවට ලැබුණු මුදලට වඩා වැඩි මුදලක වැඩ කළා. ජනාධිපතිතුමා ඇමැතිකම දෙනකොට කිව්වේ ජානක හොරකම් කරන්නේ නැති නිසා පළාත් සභාවේ වැඩිම මුදලක් වෙන් කරන අමාත්‍යංශය දෙනවා කියා කිව්වා...”
* කොහොමද එහෙම විශ්වාසයක් ඔබ කෙරේ ජනාධිපතිතුමා තුළ ඇති වී ඇත්තේ...?
“පුංචි කාලයේ පටන් මගේ තියෙන දේවල් මම නැති කරගෙන තියෙනවා. දේශපාලනය නිසා. අද බැලුවොත් මේ මන්ත්‍රීකමේ මම වැඩ කරන්නේ මගේ බැංකුවෙන් සල්ලි අරගෙන. පාර්ලිමේන්තු ආවට පස්සේ මගේ අතේ තිබූ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් වෙලා තියෙනවා. නමුත් ඇමැති කාලේ මගෙන් කියා එහෙම වියදමක් වුණේ නෑ. එදා ඇමැති ලෙස මම කළ සේවයම අද මන්ත්‍රිවරයෙක් ලෙස ඉඳගෙනත් මම කරනවා.
මම කොහොමද දේශපාලනය කරන්නේ කියා වඩා හොඳට ජනාධිපතිතුමා දන්නවා. මට දේශපාලන උණ හොඳට වැළැඳුණු දේශපාලන රෝගියෙක් කිව්වොත් වඩා නිවැරැදියි. දේශපාලනය තුළ මම දකින්නේ අවංකභාවයයි. ඒක තමයි මගේ හෘද සාක්ෂිය. මම අද මන්ත්‍රී වෙලත් ඇමැති කෙනෙක් වගේ වැඩ කරනවා. ඒක ජනාධිපතිතුමා දන්නවා...”
* රත්නපුරයේ හොඳ මැණික් තියෙනවා. ඔබට හිතුනේ නැද්ද දේශපාලනයට යොමුවෙන වෙලාවේ මැණික් කර්මාන්තයට යොමු වෙන්න...?
“මම පාසල් යන කාලයේ පටන් මැණික් කර්මාන්තයේ නියැලුණු අයෙක්. මම මැණික් බිස්නස් කළා. පතල් කැපුවා. මගේ මවුපියන්ගේ ඉඩම්වල මම පතල් කැප්පෙව්වා. මට ඒ කාලේ මැණික් වලින් ලොකුවට සල්ලි ලැබුණා. ඒ මුදල් වලින් තමයි මම දේශපාලනය කෙළේ. නමුත් මම අද කිසිම ව්‍යාපාරයක් කරන්නේ නෑ. රත්නපුරේ ඕනෑම අයෙක් දන්නවා මම රත්නපුර ටවුමේ මැණික් බිස්නස් කළ බව...”
* මැණික් ගැන ඔබට හොඳ දැනුමක් තියෙනවා....?
“සාමාන්‍ය දැනුමක් තියෙනවා. දැන් අවුරුදු 10 ක පමණ කාලය තුළ මැණික් බිස්නස් කරපු නැති නිසා එදා මැණික් ගැන තිබූ දැනුම දැන් නෑ...”
* සාමාන්‍යයෙන් මැණික් අතර වටිනාම මැණික මොකක්ද...?
“ ‘නිල්’ තමයි වටිනාම මැණික. හැබැයි ඒ මැණික පිහිටීම අනුව තමයි මැණිකේ මිල අඩු වැඩි වෙන්නේ. රතු, වෛරෝඩි වැනි මැණික් වර්ගද මිලෙන් අධිකයි...
* ඔබ විකුණූ වටිනාම මැණික මිල කීයද...?
“ඒ කාලේ හැටියට ලක්ෂ 50 - 60 මැණික් මම විකුණා තියෙනවා...”
* ඔබ මැණික් වලින් සල්ලි හම්බ කළාට සමහර දේශපාලනඥයන් දේශපාලනයට එන්නේ මුදල් හම්බ කරගෙන දේශපාලනය ඉල්ලමක් කරගන්න නේද...?
“ඒක නැතෙයි කියා මම කියන්නේ නෑ. එහෙම දේශපාලනයෙන් මුදල් හම්බ කරගන්න අය ඇති. හැබැයි ඒ මිම්මෙන් හැම දේශපාලනඥයකුම මනින්නන හොඳ නෑ. අවංකව දේශපාලනය කරන අය අප අතර ඉන්නවා. මොකද පළාත් සභාවේ පක්ෂ - විපක්ෂ හැමෝම දන්නවා ජානක වක්කුඹුර හොරකම් කරන්නේ නැති දේශපාලනඥයෙක් බව..”
“හොරකම් කරන්නේ නැතිවා පමණක් නෙමෙයි මම අරක්කු සිගරැට් බොන්නේ නෑ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ගරුතර සංඝරත්නය හැමෝම මට සහය දෙනවා. තරුණ කාලයේ බියර් ටිකක් බොන්න ඇති. ඒත් දේශපාලනයට ආවට පස්සේ මම ඒකත් නැවැත්තුවා. මොකද දේශපාලනඥයා හරියට නිවැරැදිව තමා සම්මතයේ පිහිටා සිටිය යුතු නිසා...”
* ඔබේ ජීවිතය ආලෝක කළ ‘නිල් මැණික’ ඔබේ බිරිය ඔබට හමුවන්නේ කොහොමද...?
“මගේ බිරියගේ නම කාංචනා ජයසේකර. ඇයත් රත්නපුරයේමයි. මගේ බිරියගේ තාත්තා ඒ කාලේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටිය සභාපතිවරයා කේ.බී. ජයසේකර. එතකොට මම ප්‍රාදේශීය සභාවේ නෑ. නමුත් මම දේශපාලනය කරනවා. බිරියගේ තාත්තා සමඟ ළඟින් ඇසුරු කර දේශපාලනය කරනවා.
ඒ දේශපාලන කටයුතුවලට මෙයාගේ (කාංචනාගේ) ගෙදර යනවා එනවා. එහෙදී කාංචනා මට හමුවෙලා කතා කරනවා. ඒ එක්කම අප දෙදෙනා අතර ඇසුරක් හට ගන්නවා. ටික දවසක් යනකොට මගෙ මිතුරෙක් ඇවිත් මගෙන් ඇහුවා මෙහෙම සම්බන්ධයක් තියෙනවද කියලා. මම ඔව් කිව්වා...”
* කාංචනා තමන්ගේ බිරිය කරගන්න හොඳයි කියා හිතුනේ ඇයි...?
“කාංචනා දැක්ක හැටියේ මට හිතුණා මෙයා මගේ බිරිය කර ගන්න හොඳයි කියා. අනෙක කාංචනාගේ තාත්තා දේශපාලනය කරන නිසා දේශපාලනය කරන පවුලකට සම්බන්ධ වුණොත් පමණයි පවුල් ජීවිතයට අවුලක් නැතිව දේශපාලනය කරගෙන යන්න පුළුවන් කියා මට හිතුණා. අනෙක අපි දෙන්නම එකම පක්ෂයේ.
දේශපාලනය කරනකොට තමුන්ගේ බිරියටත් දැනිය යුතුයි මහත්තයා දේශපාලනය කරන්නේ ජනතාව වෙනුවෙන් කියා. ඒ අනුව අපි දෙන්නා 1999 - 10 - 07 වැනිදා විවාහ වුණා. අපේ විවාහයට අස්සන් කළේ ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා. අපි දෙන්නට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වැඩිමහල් දුව , බාලයා පුතා. දුවගේ නම සදනි තරුෂිකා වක්කුඹුර, පුතා රවිරු ඩෙල්ෂාන් වක්කුඹුර...”
* දරුවන් ගැන ඔබේ බලාපොරොත්තුව...?
“මේ දෙන්නට දේපොළ හම්බ කරනවට වැඩිය හොඳට ඉගැන්වීම අපි දෙන්නාගෙම බලාපොරොත්තුවයි. ඒ වගේම සමාජයට හොඳ මනුෂ්‍යයන් දෙන්නෙක් දායාද කිරීමයි...”
* ඔබේ ආගම..?
“මම බුද්ධාගමේ...”
* ඔබේ ලග්නය....?
“මගේ ලග්නය කුම්භ...”
* දේශපාලනඥයෝ බොහෝ විට නක්ෂත්‍රය විශ්වාස කරනවා. ඔබත් එසේම නක්ෂත්‍රය විශ්වාස කරනවද...?
“නක්‍ෂත්‍රය කෙරේ මගේ ලොකු විශ්වාසයක් නෑ. නැකතකට වැඩ කටයුතු කිරීම වැනි දේ මගෙන් කෙරෙනවා. නමුත් නක්‍ෂත්‍රය කෙරේ ලොකු විශ්වාසයක් තියෙන්නේ නැත්තේ එතකොට ඒ මත්තේම කටයුතු කරන්න සිද්ධ වෙනවා. මම ලොකුවට විශ්වාස කරන්නේ තමුන්ගේ ස්ව උත්සාහයයි. උත්සාහයෙන් කර යමක් ලබා ගත්තොත් ඒක ලොකු සතුටක්.
තෘප්තියක්. නක්‍ෂත්‍රයට මා ගැන කියූ කරුණු කාරණා සියල්ල ඇත්ත වෙලා තියෙනවා. නක්‍ෂත්‍රය තුළ යම් කිසි බලයක් තියෙනවා. කුඩා කාලයේ මා ගැන කියලා තියෙනවලු දේශපාලනයෙන් ඉහළට එනවා කියා. අද ඒ ගමන මම ආරම්භ කර තිබෙනවා. හැබැයි වාසනාව තියනවා කියා උත්සාහ නොකර ගෙදර හිටියට කිසිම වාසනාවක් උදා වන්නේ නෑ...”
* දෙවියන් සමඟ ඔබේ සබඳතාව කොහොමද? විශේෂයෙන් සමන් දෙවියන්ගේ අඩවියේ පදිංචි වී සිටින දේශපාලනඥයෙක් ලෙස...?
“මම සමන් දේවාලය ළඟින් යනවා නම් පඬුරක් දාලා තමයි යන්නේ. කොළඹ එන ඕනෑම දවසක රන්වල දේවාලයට පඬුරක් දාලා යන්නේ. ඒක මගේ සිරිතක්. කතරගම දෙවියන්ව සමන් දෙවියන්ව මම අදහනවා. ඔවුන් ගැන මා තුළ භක්තියක් තියෙනවා. විශේෂයෙන් පන්සල් සමඟ මම දැඩි බැඳීමෙන් කටයුතු කරනවා. මගේ පළාතේ වැඩිම දහම් පාසල් ප්‍රමාණයකට මම උදව් කර තිබෙනවා. පන්සල් හදලා දීලා තියෙනවා. මට පක්ෂ භේදයක් නෑ. සෑම පන්සලකටම උදව් කරනවා. රත්නපුරේ ඉන්න සෑම භික්ෂුන්වහන්සේ නමක්ම මට ඡන්දය දෙන්න ඇති...”
* ඔබේ පි‍්‍රයතම දේශපාලන නායකයා..?
“මම මෙහෙම කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ නායකයා වෙලා ඉන්න නිසා නෙමෙයි. මගේ පි‍්‍රයතම නායකයා අපේ ජනාධිපතිතුමායි. එතුමා මගේ පි‍්‍රයතම නායකයා වුණේ අද ඊයේ ඉඳන් නෙවෙයි. එතුමා විපක්ෂ නායකකමට පත් වෙන්නත් කළියෙන්. මොකද අපි වගේ කෙනෙකුට දුරකතනයෙන් කතා කර දුකක් කියන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි...”
* ඔබේ දේශපාලන ඉලක්කය..?
“දේශපාලනයට එන අයට විවිධ බලාපොරොත්තු රැසක් තිබිය හැකියි. නමුත් මගේ ලොකු බලාපොරොත්තු නෑ. නමුත් හොරකම් නොකරන, ප්‍රතිපත්ති ගරුක, ජනතාවට ආදරය කරන දේශපාලනඥයකු ලෙස දේශපාලනයේ යන්න පුළුවන් තරම් ඉහළට යාම තමයි මගේ අද දවසේ දේශපාලන ඉලක්කය. දේශපාලනය තුළ මම ඉහළට යනවා කියන්නේ මේ රටේ ජනතාවට මගෙන් යම් සේවයක් ඉටු වෙනවා කියන එකයි...”
* ඔබ කලවාන ශ්‍රීලනිප සංවිධායකවරයා. කලවානේ මිනිස්සු ගැන මොනවද කියන්න තියෙන්නේ..?
“කලවාන ජනතාව බුද්ධිමත් අහිංසක ජනතාවක්. කලවාන කලෙක සරත් මුත්තෙට්ටුවේගම දේශපාලනඥයා නිසා බැබලුනා. එවැනි බැබලීමකට කලවාන පත් කරන්න මම දිවි හිමියෙන් කටයුතු කරනවා...”
‘දේශපාලන උණ’ පාසල් කාලයේදීම මට වැළඳුණා
ජානක වක්කුඹුරගේ ජීවිතයට එබී බැලීමක්...
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හරහා පියවරෙන් පියවර දේශපාලනයේ ඉහළට ගමන් කළ මේ තරුණ දේශපාලනඥයා අද මේ වනවිට සිය උත්සාහය තුළින් ‘දියවන්නාවද’ තරණය කර ඇත. දේශපාලනය තුළ ඔහුගේ ශක්තිමත් ‘කණු’ ලෙස ඔහු සලකනුයේ ‘අවංකකම’ - ‘ප්‍රතිපත්තිගරුක බව‘ සහ ‘ජනතාවට දක්වන ආදරය කරුණාවයි. විශේෂයෙන්ම රත්නපුර පළාතේ මහා සංඝරත්නයේ නොමඳ ගෞරව ආදරයට ලක්ව තිබෙන මේ තරුණ දේශපාලනඥයා ජානක වක්කුඹුර ‘දිනමිණ’, ‘දියවන්නාවේ නෑදෑයෝ’ විශේෂාංගය ඔස්සේ සහෘද පාඨක ඔබව අද හමුවන්නේ මේ අයුරිනි.
* ඔබේ සම්පූර්ණ නම සඳහන් කළොත්...?
“මගේ සම්පූර්ණ නම ජානක වක්කුඹුර තමයි. වෙන නම් වාසගම් මට නෑ...”
* එතකොට ඔබේ උපන් දිනය සහ උපන් ගම කොහොමද....?“මගේ උපන් ගම රත්නපුරය ඇලපාත කොටාමුල්ල....
* ඔය ඇලපාත නේද ගජමන් පුවතට අදාළ ඇලපාත මුදලිගේ ගම....?
“ඔව්.... ඔව්.... ඇලපාත මුදලි පදිංචි වෙලා හිටියේ, එතුමාගේ උපන් ගම ඇලපාත....
* උපන් දිනය....?
“මගේ උපන් දිනය 1967.12.15 වැනිදා.
* මවුපියන්ගේ වතගොත තොරතුරු එහෙම කොහොමද...?
“මගේ තාත්තා මේ වනවිට ජීවතුන් අතර නෑ. නැතිවෙලා හරියටම අවුරුද්දක් වෙනවා. මේ මාසේ 26 වැනිදාට. මගේ තාත්තාට මම කියන්නේ ‘අප්පුච්චා’ කියලා. අප්පුච්චාගේ නම වක්කුඹුරගේ සෙනෙවිරත්න. අම්මාගේ නම චිත්‍රානන්ද කුමාරිහාමි. මගේ අප්පුච්චා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. මගේ අම්මත් වලව්වක කෙනෙක්. අම්මා අත්නපුර සුබසිංහ වලව්වේ. ඒක තියෙන්නේ රත්නපුර වෙරලුපේ. අම්මා රැකියාවක් කරන්න ගියේ නෑ. දරුවන් බලාගෙන, තාත්තාගේ වැඩ කටයුතු බලාගෙන හිටියා...”
* ඔබේ පවුලේ සහෝදර සහෝදරියෝ එහෙම කොහොමද....?
“මට ඉන්නේ අයියයි, මල්ලියි, නංගිලා පස් දෙනයි. අපේ පවුලෙන්ම මම විතරයි දේශපාලනය කරන්නේ. මම පවුලේ දෙවැනියා...”
* අකුරු කරවූයේ...?
“පළමු ශ්‍රේණියේ පටන් මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලෙන්. 1989 භීෂණයත් සමඟ ඇති වූ ප්‍රශ්නයක් නිසා මට දිගටම අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බැරි වුණා.ඒ සමඟම මට ලොකු ඕන කමක් තිබුණා දේශපාලනය කරන්න. මට මතක හැටියට 1977 මහ මැතිවරණයේදී මම අප්පුච්චාගේ අතේ එල්ලීගෙන දේශපාලන රැස්වීම් බලන්න යනවා. මට කුඩා කාලයේ සිටම ලොකු ඕනෑ කමක් තිබුණා දේශපාලනඥයෙක් වෙන්න.
![]() ජානක ළමා වියේ දී... |
* ඔබේ තරුණ කාලයේදී ඔබට හිතුනේ නැද්ද ජේ.වී.පී,, එකට බැඳිලා වැඩ කරන්න ඕනැයි කියා...?
“මම දේශපාලනයට ආවේ 1989 භීෂණ කාලයේදී වුවත් මම එදත්, අදත්, කවදාවත් ජේ.වී.පී. එකට සම්බන්ධ වෙලාවත්, උදව් කරලාවත් නෑ. ඔය භීෂණ කාලයේදී මට පක්ෂයක් තිබුණේ නෑ. මම ස්වාධීන පුද්ගලයෙක් හැටියටයි වැඩ කෙළේ. ඔය ත්‍රිමාවිතාන, බන්ධුවර්ධනව එජාපය විසින් මරා දැමූ වෙලේ අපි ශ්‍රීලනිපය තුළ ඉඳගෙන එජාපයේ ඒ ක්‍රියාවන්ට විරුද්ධව කටයුතු කළා. ඒත් අපි ජේ.වී.පී. වූණේ නෑ.
* ඔබේ අප්පුච්චාගේ පක්ෂය එජාපය. ඒ අප්පුච්චාගේ පුතා කොහොමද නිල් පාට වෙලා ශ්‍රීලනිපය පැත්තට නැඹුරු වුණේ...?
“1987 වර්ෂයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරු උත්සවයක් තිබුණා අපේ පන්සලේ. ඒ උත්සවයට එන්න කියලා අපේ ගමේ ශ්‍රීලනිපයට හිතවත් වැඩිහිටියන් මට ආරාධනා කළා. මම ඒ සඳහා දහම් පාසලේ ළමුන්ට තෑගිත් අරගෙන සහභාගි වුණා. එතැනදී පැවැත්වූ කතා සහ දේශනාවලදී බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්ති ගැන කියැවුණා. මට එතැනදී හිතුණා මම ශ්‍රීලනිපයට එක්විය යුතුයි කියා. ඉන්පසු කොටාමුල්ල ශාඛාවේ ශ්‍රීලනිප රැස්වීමට ගමේ වැඩිහිටියෝ එක් කරගෙන ගිහිල්ලා ඒ ශාඛාවේ සභාපති කළා. මම අද මන්ත්‍රී වුණත් තවමත් කොටාමුල්ල ශ්‍රීලනිප ශාඛාවේ සභාපති...”
* ඔබ කලක් බූස්ස සිර කඳවුරේ සිර ගතකර තිබුණා නේද... ඒ ඇයි...?
එජාප ආණ්ඩුව මාව අවුරුද්දක් බූස්ස සිර කඳවුරේ සිරකර තිබුණා. වරද ශ්‍රීලනිපයට ක්‍රියාකාරීව වැඩ කිරීම. ජේ.වී.පී. පිටින් දාලා ශ්‍රීලනිප ක්‍රියාකාරීන් එදා එජාප ආණ්ඩුව සිරගත කළේ එහෙමයි. බූස්ස සිර කඳවුරෙන් මම නිදහස් වනවිට මගෙන් ඇහුවා ගිහින් කරන්නේ මොනවද කියා. ගිහින් කරන්නෙත් ශ්‍රීලනිපයේ දේශපාලනය කියා මා එදා කිව්වා. ඒ ඇවිත් මම රත්නපුරයේ ශ්‍රීලනිපයට වැඩ කළා.
ඒ සඳහා මට බොහෝ උපකාර කෙළේ ඇමැති ජෝන් සෙනෙවිරත්න අපේ දිස්ත්‍රික්කයේ නායකතුමා. එතුමා මට කිව්වා ජානක ඇවිත් ඡන්දය ඉල්ලන්න කියා. ඒ අනුව මම 1997 වර්ෂයේදී මුල්වරට නිවිතිගල ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලුවා. මමත්. ප්‍රේමලාල් ගුණසේකර මහතාත් මුල්වරට ඡන්දය ඉල්ලුවා. ඡන්දෙන් එතුමා සභාපති වුණා. මම උප සභාපති වුණා. අනතුරුව 2000 වර්ෂයේදී පළාත් සභා මැතිවරණයට ඉල්ලා පළාත් සභාවට ගියා.
![]() ජනාධිපතිතුමා අතින් පළාත් සභා ඇමැති ධුරය ලැබූදා... |
* ඔබට හිතෙන්නේ නැද්ද ඒ පළාත් සභා ඇමැතිකම තියාගෙන හිටියා නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමට වඩා හොඳයි කියා...?
“මම පළාත් සභා ඇමැතිවරයෙක් ලෙස සිටි අවුරුදු 2ක කාලය තුළ මම ලොකු වැඩක් පළාතට , ජනතාවට කළා. පළාත් සභාවට ලැබුණු මුදලට වඩා වැඩි මුදලක වැඩ කළා. ජනාධිපතිතුමා ඇමැතිකම දෙනකොට කිව්වේ ජානක හොරකම් කරන්නේ නැති නිසා පළාත් සභාවේ වැඩිම මුදලක් වෙන් කරන අමාත්‍යංශය දෙනවා කියා කිව්වා...”
* කොහොමද එහෙම විශ්වාසයක් ඔබ කෙරේ ජනාධිපතිතුමා තුළ ඇති වී ඇත්තේ...?
“පුංචි කාලයේ පටන් මගේ තියෙන දේවල් මම නැති කරගෙන තියෙනවා. දේශපාලනය නිසා. අද බැලුවොත් මේ මන්ත්‍රීකමේ මම වැඩ කරන්නේ මගේ බැංකුවෙන් සල්ලි අරගෙන. පාර්ලිමේන්තු ආවට පස්සේ මගේ අතේ තිබූ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් වෙලා තියෙනවා. නමුත් ඇමැති කාලේ මගෙන් කියා එහෙම වියදමක් වුණේ නෑ. එදා ඇමැති ලෙස මම කළ සේවයම අද මන්ත්‍රිවරයෙක් ලෙස ඉඳගෙනත් මම කරනවා.
මම කොහොමද දේශපාලනය කරන්නේ කියා වඩා හොඳට ජනාධිපතිතුමා දන්නවා. මට දේශපාලන උණ හොඳට වැළැඳුණු දේශපාලන රෝගියෙක් කිව්වොත් වඩා නිවැරැදියි. දේශපාලනය තුළ මම දකින්නේ අවංකභාවයයි. ඒක තමයි මගේ හෘද සාක්ෂිය. මම අද මන්ත්‍රී වෙලත් ඇමැති කෙනෙක් වගේ වැඩ කරනවා. ඒක ජනාධිපතිතුමා දන්නවා...”
* රත්නපුරයේ හොඳ මැණික් තියෙනවා. ඔබට හිතුනේ නැද්ද දේශපාලනයට යොමුවෙන වෙලාවේ මැණික් කර්මාන්තයට යොමු වෙන්න...?
“මම පාසල් යන කාලයේ පටන් මැණික් කර්මාන්තයේ නියැලුණු අයෙක්. මම මැණික් බිස්නස් කළා. පතල් කැපුවා. මගේ මවුපියන්ගේ ඉඩම්වල මම පතල් කැප්පෙව්වා. මට ඒ කාලේ මැණික් වලින් ලොකුවට සල්ලි ලැබුණා. ඒ මුදල් වලින් තමයි මම දේශපාලනය කෙළේ. නමුත් මම අද කිසිම ව්‍යාපාරයක් කරන්නේ නෑ. රත්නපුරේ ඕනෑම අයෙක් දන්නවා මම රත්නපුර ටවුමේ මැණික් බිස්නස් කළ බව...”
* මැණික් ගැන ඔබට හොඳ දැනුමක් තියෙනවා....?
“සාමාන්‍ය දැනුමක් තියෙනවා. දැන් අවුරුදු 10 ක පමණ කාලය තුළ මැණික් බිස්නස් කරපු නැති නිසා එදා මැණික් ගැන තිබූ දැනුම දැන් නෑ...”
![]() ජානක - කාංචනා විවාහ වූ දා... |
“ ‘නිල්’ තමයි වටිනාම මැණික. හැබැයි ඒ මැණික පිහිටීම අනුව තමයි මැණිකේ මිල අඩු වැඩි වෙන්නේ. රතු, වෛරෝඩි වැනි මැණික් වර්ගද මිලෙන් අධිකයි...
* ඔබ විකුණූ වටිනාම මැණික මිල කීයද...?
“ඒ කාලේ හැටියට ලක්ෂ 50 - 60 මැණික් මම විකුණා තියෙනවා...”
* ඔබ මැණික් වලින් සල්ලි හම්බ කළාට සමහර දේශපාලනඥයන් දේශපාලනයට එන්නේ මුදල් හම්බ කරගෙන දේශපාලනය ඉල්ලමක් කරගන්න නේද...?
“ඒක නැතෙයි කියා මම කියන්නේ නෑ. එහෙම දේශපාලනයෙන් මුදල් හම්බ කරගන්න අය ඇති. හැබැයි ඒ මිම්මෙන් හැම දේශපාලනඥයකුම මනින්නන හොඳ නෑ. අවංකව දේශපාලනය කරන අය අප අතර ඉන්නවා. මොකද පළාත් සභාවේ පක්ෂ - විපක්ෂ හැමෝම දන්නවා ජානක වක්කුඹුර හොරකම් කරන්නේ නැති දේශපාලනඥයෙක් බව..”
“හොරකම් කරන්නේ නැතිවා පමණක් නෙමෙයි මම අරක්කු සිගරැට් බොන්නේ නෑ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ගරුතර සංඝරත්නය හැමෝම මට සහය දෙනවා. තරුණ කාලයේ බියර් ටිකක් බොන්න ඇති. ඒත් දේශපාලනයට ආවට පස්සේ මම ඒකත් නැවැත්තුවා. මොකද දේශපාලනඥයා හරියට නිවැරැදිව තමා සම්මතයේ පිහිටා සිටිය යුතු නිසා...”
* ඔබේ ජීවිතය ආලෝක කළ ‘නිල් මැණික’ ඔබේ බිරිය ඔබට හමුවන්නේ කොහොමද...?
“මගේ බිරියගේ නම කාංචනා ජයසේකර. ඇයත් රත්නපුරයේමයි. මගේ බිරියගේ තාත්තා ඒ කාලේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටිය සභාපතිවරයා කේ.බී. ජයසේකර. එතකොට මම ප්‍රාදේශීය සභාවේ නෑ. නමුත් මම දේශපාලනය කරනවා. බිරියගේ තාත්තා සමඟ ළඟින් ඇසුරු කර දේශපාලනය කරනවා.
ඒ දේශපාලන කටයුතුවලට මෙයාගේ (කාංචනාගේ) ගෙදර යනවා එනවා. එහෙදී කාංචනා මට හමුවෙලා කතා කරනවා. ඒ එක්කම අප දෙදෙනා අතර ඇසුරක් හට ගන්නවා. ටික දවසක් යනකොට මගෙ මිතුරෙක් ඇවිත් මගෙන් ඇහුවා මෙහෙම සම්බන්ධයක් තියෙනවද කියලා. මම ඔව් කිව්වා...”
* කාංචනා තමන්ගේ බිරිය කරගන්න හොඳයි කියා හිතුනේ ඇයි...?
“කාංචනා දැක්ක හැටියේ මට හිතුණා මෙයා මගේ බිරිය කර ගන්න හොඳයි කියා. අනෙක කාංචනාගේ තාත්තා දේශපාලනය කරන නිසා දේශපාලනය කරන පවුලකට සම්බන්ධ වුණොත් පමණයි පවුල් ජීවිතයට අවුලක් නැතිව දේශපාලනය කරගෙන යන්න පුළුවන් කියා මට හිතුණා. අනෙක අපි දෙන්නම එකම පක්ෂයේ.
![]() සිය පවුල... |
* දරුවන් ගැන ඔබේ බලාපොරොත්තුව...?
“මේ දෙන්නට දේපොළ හම්බ කරනවට වැඩිය හොඳට ඉගැන්වීම අපි දෙන්නාගෙම බලාපොරොත්තුවයි. ඒ වගේම සමාජයට හොඳ මනුෂ්‍යයන් දෙන්නෙක් දායාද කිරීමයි...”
* ඔබේ ආගම..?
“මම බුද්ධාගමේ...”
* ඔබේ ලග්නය....?
“මගේ ලග්නය කුම්භ...”
* දේශපාලනඥයෝ බොහෝ විට නක්ෂත්‍රය විශ්වාස කරනවා. ඔබත් එසේම නක්ෂත්‍රය විශ්වාස කරනවද...?
“නක්‍ෂත්‍රය කෙරේ මගේ ලොකු විශ්වාසයක් නෑ. නැකතකට වැඩ කටයුතු කිරීම වැනි දේ මගෙන් කෙරෙනවා. නමුත් නක්‍ෂත්‍රය කෙරේ ලොකු විශ්වාසයක් තියෙන්නේ නැත්තේ එතකොට ඒ මත්තේම කටයුතු කරන්න සිද්ධ වෙනවා. මම ලොකුවට විශ්වාස කරන්නේ තමුන්ගේ ස්ව උත්සාහයයි. උත්සාහයෙන් කර යමක් ලබා ගත්තොත් ඒක ලොකු සතුටක්.
තෘප්තියක්. නක්‍ෂත්‍රයට මා ගැන කියූ කරුණු කාරණා සියල්ල ඇත්ත වෙලා තියෙනවා. නක්‍ෂත්‍රය තුළ යම් කිසි බලයක් තියෙනවා. කුඩා කාලයේ මා ගැන කියලා තියෙනවලු දේශපාලනයෙන් ඉහළට එනවා කියා. අද ඒ ගමන මම ආරම්භ කර තිබෙනවා. හැබැයි වාසනාව තියනවා කියා උත්සාහ නොකර ගෙදර හිටියට කිසිම වාසනාවක් උදා වන්නේ නෑ...”
![]() ජානක - කාංචනා අද... |